දමස්කස් අගනුවර තුළ තමන්ට පහර එල්ල කරමින් සිටි ආණ්ඩුවේ හෙළිකොප්ටර් යානයක් වෙඩි තබා බිම හෙළූ බව සිරියානු විපක්ෂයේ හමුදා පවසති.
ගිනිගෙන පොළවට කඩා වැටෙන හෙළිකොප්ටර් යානයේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් කැරලිකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කොට තිබේ."පොළවට කඩා වැටෙන යානයේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් කැරලිකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කොට තිබේ"
සිරියානු රාජ්‍ය රූපවාහිනිය පවසන ආකාරයට හෙලිකොප්ටරය දමස්කස් අගනුවර ප්‍රත්‍යන්ත කලාපයක මුස්ලිම් පල්ලියක් අසළටයි කඩා වැටී ඇත්තේ.
එහෙත් යානය කැරළිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ බවක් සිරියානු රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළේ නැහැ.
පසුගිය දින කීපය ඇතුළත සිරියානු ආණ්ඩුවේ හමුදා ප්‍රහාර මගින් තුන්සීයකට අධික ජනතාව මරාදැමූ බවයි කැරලිකරුවන් කියා සිටින්නේ. බිම හෙළූ හෙලිකොප්ටරය එවැනිම තවත් ප්‍රහාරයක නිරතව සිටි බවක් දක්නට ඇති බවයි බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment