බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ මුනුපුරු හැරී කුමාරයා හෝටල්
කාමරයක තවත් කතක් සමග නිරුවතින් සිටියදී ගන්නා ලද ඡායාරූප බ්‍රිතාන්‍ය
මාධ්‍ය වල පළ නොවීම භාෂණයේ නිදහස පිලිබඳ විවාදයකට තුඩු දෙයි.
දෙවැනි එලිසබත් රාජිණිය ගේ මුනුපුරු හැරී කුමාරයා
හෝටල් කාමරයක තවත් කතක් සමග නිරුවතින් සිටියදී ගන්නා ලද ඡායාරූප කීපයක්
ඇමරිකානු ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට පත් වූවත්, බ්‍රිතාන්‍ය මාධ්‍ය වල නම්
ඒවා පළ වුයේ නැහැ.මාධ්‍ය ආයතනවලට රාජකීයයන් කියා තිබුනේ පින්තුර පළ කිරීම පුද්ගලිකත්වය බිඳ හෙළන්නක් බව.
රජ පවුලේ දැනුම් දීම බ්‍රිතාන්‍යය තුල භාෂණයේ නිදහස පිලිබඳ විවාදයකට තුඩු දී තිබේ.
පින්තූර විස්තරේ
දුරකතනයකින් ගත් බව දිස්වුනු ඒ ඡායාරූප ගෙන තිබුනේ
බ්‍රිතාන්‍ය රජ කිරුලට් උරුම ඇත්තන්ගේ පෙළේ තුන් වැන්නා වන හැරී කුමාරයා,
එක්සත් ජනපදයේ සුදුවට ප්‍රකට විනෝද පුරයක් වන ලස් වේගාස් හි පුද්ගලික
සංචාරයක නිරතව සිටියදී.
එක් ඡායාරුපයක දැක්වෙන පරිදි කර මාලයක් සහ ඔරලෝසුවක් පමණක් පැළඳ දෑතින් ලිංගේන්ද්‍රිය වසා ගෙන සිටින ඔහු අසලින්ම නිරුවත් කාන්තාවක්.එකදු ප්‍රධාන බ්‍රිතාන්‍ය පුවත් පතක් ඒ පින්තූර පල කොට නැහැ.
ජනමාධ්‍ය නිරීක්ෂකයන් පවසන්නේ පුවත් පත් වල මේ මැළි කමට හේතුව ලෙවිසන් කොමිසම විසින් පවත්වන ලද පරීක්ෂණය බවයි.
ඇතැම් බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය විසින් නීති විරෝධී අයුරින් ජංගම දුරකථන වලට රහසේ සවන් දීම පිලිබඳ තොරතුරු පැතිර යාමත් සමග 2011 දී බ්‍රිතාන්‍ය අගමැති වරයා විසින් කොමිසම පත් කරන ලද්දේ මාධ්‍ය ආචාර ධර්ම පිලිබඳව විභාග කිරීමට.
ජනමාධ්‍ය කප්පාදුවක්බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය පරීක්ෂාවට ලක්වීම එන්න එන්නම වැඩිවීම හා සීමාව ඉක්මවා යාමට එරෙහි දණ්ඩනය දැඩිවීම විසින් මාධ්‍ය කප්පාදුවකට ලක් කොට ඇති බව විචාරක මතයයි.
නීල් වොලිස් නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් (News of the World) ජනප්‍රිය ඉංග්‍රීසි පුවත් පතේ හිටපු කතුවරයෙක්.
හැරී කුමාරයාගේ පින්තූර පල කිරීමට කිසිදු පුවත් පතක් පෙරට නො ඒම විශ්මිත කරුණක් බවයි ඔහු පවසන්නේ.
"පත්තර තමන්ගේම හෙවනැල්ලටත් බය යුගයක සාමාන්‍ය ජනතාව පත්තරේ බලලා හිනා වෙන දෙයක් වත් දාන්න මාධ්‍ය වේදීන් බිය," බවයි නීල් වොලිස් බී බී සී යට කියා සිටියේ.
රාජ කුමාර හැරී කලක පටන් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් ඕපාදූප පත්තර කලාප වල ජනප්‍රිය චරිතයක්.
ඔහුගේ ලිංගික ක්‍රියාකාරකම් ගැන මහත් උනන්දුවක් දක්වන එම පුවත් පත්, රාත්‍රී සමාජ ශාලා වලින් එලියට එන හැරීගේ පැපරාසීන් විසින් ගන්නා ලද පින්තූර පළ කරන ලද වාර අපමණයි.
නාසි හමුදා නිල ඇඳුමින් විවිධ ප්‍රසංගයකට සහභාගී වී සිටියදී වරක් ඡායාරූප ගත කැරුණු ඔහු මත් ද්‍රව්‍ය ගත් බවත් පිළිගත් කුමාරයෙක්.
BBC
No comments:
Post a Comment