2012-08-24

චීනයේ අළුතින් ඉදිකළ මහා මාර්ගයක පාලමක් කඩා වැටේ

ඊශානදිග චීනයේ මංතීරු අටකින් යුත් අළුතින් ඉදිකෙරුන මහා මාර්ගයක පිහිටි පාලමකින් කොටසක් කඩා වැටීමෙන් තුන්දෙනකු මරණයට පත් වී තිබේ.
බර පැටවූ ලොරි හතරක් ධාවනය වෙමින් තිබියදී පාලමෙන් මීටර් සීයක පමණ පදාසයක් කඩා වැටුන බවයි වාර්තා වන්නේ.
බඩු පැටවූ ලොරි පාලමෙන් පහළට වැටුන බවත් එම වාර්තාවන්හි දැක්වේ.
ඊශානදිග චීනයේ හාර්බින් නගරයේ ගුවන් තොටුපොළ කරා දිවෙන මාවතේ පිහිටි කඩාවැටුන පාලම ඉදිකර තිබෙන්නේ මෙයින් අවුරුද්දකට පමණ පෙර.
වසරකට යාන්තමින් වැඩි තරමේ පසුගිය කාල සීමාව ඇතුළත, තවත් පාලම් හයක් මෙවැනි ආපදාවන්ට ලක් විනැයි ෂින්හුවා චීන රාජ්‍ය මාධ්‍ය ආයතනය වාර්තා කළේය.
චීනය සිය මහා මාර්ග සහ දුම්රිය මාර්ග ජාලය කඩිනමින් පුළුල් කිරීමට ගනු ලබන උත්සාහය තුළ, දුෂණ මෙන්ම අඩුවියදමින් ඉදි කිරීම් සිදු කෙරෙන බවට චෝදනා එල්ල වෙමිනුයි පවතින්නේ.
ශ්‍රී ලංකාවේද ප්‍රධානතම ඉදිකිරීම් කීපයක් ම සිදු කරනු ලබන්නේ චීන සමාගම් විසිනුයි.

By:BBC

No comments:

Post a Comment