කිසිදාක න්‍යෂ්ටික අවියක් නිපදවීමට උත්සාහ නොදරන ඉරානය
සාමකාමී කාර්යයන් සඳහා වන න්‍යෂ්ටික වැඩ සටහනක් සඳහා කැපවී සිටින බව එරට
ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමේනි ප්‍රකාශ කළේය.
අලි කොමේනි එසේ පැවසුවේ ටෙහෙරාන් අගනුවර දී ආරම්භ වූ නොබැදි ජාතීන්ගේ සමුළුව අමතමිනුයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය බටහිර බලවතුන්ගේ ඒකාධිපති බල අධිකාරියක් බව පවසමින් ඉරාන ආධ්‍යාත්මික නායකයා එය විවේචනයට ලක් කළේය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩ සටහන පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පළ වන අදහස් ගැන අවධානය යොමු කරන ලෙසයි සමුළුවට සහභාගී වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ඉරානයෙන් ඉල්ලා සිටියේ.
ඊශ්‍රායලයට රටක් වශයෙන් පැවැත්මට ඉඩක් නැති බවට ඉරානය විසින් කරන ප්‍රකාශ ගැන අදහස් දැක්වූ මහලේකම් වරයා එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් විසින් තවත් සාමාජික රටක් විනාශ කිරීමට එල්ල කරන තර්ජන දැඩි සේ හෙළා දුටුවේය.
දෙවැනි ලෝක යුද්ධ සමයේ සිදුවූ යුදෙව් ජන සංහාරය වැනි ඓතිහාසික කරුණු ප්‍රතික්ෂේප කිරීම කෝපය උපදවන කරුණක් යැයි මහ ලේකම් වරයා කියා සිටියේය.
By:BBC
No comments:
Post a Comment