2012-08-25

බින්ලාඩන් ඝාතන මෙහෙයුමේ රහස් ඇතුළත් ග්‍රන්ථයක්

ලේඛකයා මෙහෙයුමට එක් වූ කොමාන්ඩෝ භටයෙක්
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් සීල් බළකාය වෙඩි උණ්ඩ හා බෝම්බ ඇසුරු කරන්නන් නමුදු අල්කයිඩා නායක බින්ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ ඉන් එක් කොමාන්ඩෝ භටයෙකු ලේඛකයකු බව‍ට පත්වෙමින් එම මෙහෙයුමේ රහස් අනාවරණය කරන ග්‍රන්ථයක් රචනා කර ඇති අතර එක්සත් ජනපද ජනාධිපති සටනට ඉන් බලපෑම් සිදුවනු ඇතැයි පැවසී තිබේ.
"ලේසිපාසු දිනයක් නොවේ ,ඔසාමා බින්ලාඩන් ඝාතන මෙහෙයුමේ මූලික විස්තරය"යනුවෙන් හැඳින්වෙන මේ කෘතිය දේශපාලනික වශයෙන් වැදගත් වන දිනයක හා ජනාධිපති ඔබාමා හා රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි අතර පැවැත්වෙන සටනට දෙමසකටත් අඩුකාලයක් තිබෙන අවස්ථාවක් වන සැප්තැම්බර් 11 දා එළිදක්වනු ඇතැයි සඳහන්ය.
මේ පොතේ කතුවරයා 2011 මැයි මාසයේ බින්ලාඩන් සැඟවී සිටි නිවසට ඇතුළු වු හා ලාඩන් ගේ මරණය සියැසින් දුටු සීල් බළකායේ කොමාන්ඩෝ භටයකු වන අතර ඔහු මාක් ඕවන් යන ව්‍යාජ නාමයකින් මෙහිදී පෙනී සිටින බව පැවසී ඇත. පාකිස්තාන අබොටාබාද් මෙහෙයුමෙන් කුළුගැන් වුණු ප්‍රහාරාත්මක මෙහෙයුම් 13 කින් පසු හමුදාවෙන් ඉවත්ව ඇති ඔහු , මේ කෘතිය නිර්මාණය කර ඇත්තේ කේවින් මෝරර් නම් එක්සත් ජනපද මාධ්‍ය වේදියා සමඟ එක්වය.


එක්සත් ජනපද හමුදා ඉතිහාසයේ වැදගත් මෙහෙයුමක් ලෙස සැලකෙන අබොටාබාද් සිද්ධිය පිළිබඳ පුර්ණ විස්තරයක් අනාවරණය කිරීමට ඔහුට අවශ්‍යව පැවති බව මෙහිදී සඳහන් කර ඇත. මෙය අදාළ සිද්ධියේදී ඇති වු ජීවිත හානි හා සිදු කළ කැපවීම් වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ කතාව බව ඔහු කියා ඇත. ඔබාමා ඝාතන මෙහෙයුම සිය ජයග්‍රහණයක් ලෙස මැතිවරණ ව්‍යාපාරයේදි ඔබාමා විසින් හඳුන්වා ඇති අතර‍ මේ පොත එම මැතිවරණ ව්‍යාපාරයට කුමන ‍බලපෑමක් එල්ල කරනු ඇත්ද යන සැකයද දැන් මතුව ඇතැයි පැවසේ .
ඔබාමාගේ ප්‍රතිවාදීන් මේ මෙහෙයුමේ රහස් තොරතුරු අනාවරණයෙන් ඔබාමා දේශපාලන වාසියක් අත්පත් කරගැන්මට උත්සාහ දරන බවට චෝදනා කර ඇති අතර මේ සිද්ධිය පිළිබඳ රචිත තවත් කෘතියකින් අදාළ මෙහෙයුමට අණ දීමට ඔබාමා අදිමදි කරමින් සිටියදී ඒ සඳහා ඔහු පොළඹවන ලද්දේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් බව අනාවරණය කර තිබේ.
By;Newyork AFP

No comments:

Post a Comment