සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීම හා එරට මාස ගණනක් තිස්සේ පවත්නා ලේ හැලීම්
නැවැත්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ලෝක බලවතුන් අතර
එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිවීම මැද සිරියානු එ.ජා නිරීක්ෂක කණ්ඩායම ආපසු කැඳවීමත් සමඟ සිරියානු එ.ජා මෙහෙයුම නිල වශයෙන් අවසන් වී තිබේ.
සිවුමසක් පමණ තිස්සේ පැවති එ.ජා.නිරීක්ෂණ මෙහෙයුම ජීවිත දස දහස් ගණනක් බිලිගැනීමට හේතුවූ ප්‍රචණ්ඩත්වය හමුවේ අඩපණ වුයෙන් එය නිල වශයෙන් පෙරේදා
මධ්‍යම රාත්‍රියෙන් පසු නිම වන බව ප්‍රකාශ විය.
ඉකුත් අප්‍රේල් මස එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් අනුව සිරියාවේ 300ක පමණ යුත් සටන් විරාම නිරීක්ෂණ පිරිසක් යොදවන ලද්දේ එ.ජා.- අරාබි
ලීග නියෝජිත කොෆි අන්නන් විසින් ගැටුම් නිරාකරණ සඳහා ඉදිරිපත් කළ කරුණු 6ක් අඩංගු සැලැස්මේ අංගයක් ලෙසය.
අන්නන්ගේ යෝජනාව අනුව පැවතිය යුතු සටන්විරාමය දෙපාර්ශය විසින්ම උල්ලංඝනය කිරීම නිසා ඉකුත් ජුනි මස නිරීක්ෂණය අත්හිටුවා එහි සාමාජික සංඛ්‍යාවද අඩුකරන
ලදී . එ.ජා.නිරීක්ෂණ කණ්ඩායම් නායකයා පසුගියදා සිරියානු හමුදා මෙන්ම කැරලිකාර පක්ෂයද සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු නොකරන බවට චෝදනා කළේය.
අන්නන් කීවේ සිරියානු රජය හා කැරලි කාර පිරිස් යන දෙපාර්ශයම අන්තර්ජාතික මානුෂික නීතියට අනුගතව සිවිල්වැසියන් ගේ ආරක්ෂාව සැලසීමට කටයුතු කර නැති බවය.
තවද සිරියානු ගැටුම් නවතාලීම සඳහා තමන් ඉදිරිපත් කළ සැලසුමට අන්තර්ජාතික සහයෝගීතාව නොලැබෙන බවටද ඔහු චෝදනා කළේය. ඒඅනුව මේ මාසය අග දි සිරියානු
ප්‍රශ්නය සම්බන්ධ අන්තර්ජාතික දූත දුරයෙන් ඉවත් වන බවද ඔහු කීවේය.

No comments:
Post a Comment