වැඩ වර්ජනයක නිරතව සිටින ආකර කම්කරුවන් දහස් ගණනකට එරෙහිව බ්‍රහස්පතින්දා සිදුකළ වෙඩි තැබීමේදී තිස්තුන් දෙනකු මරා දැමූ බව, දකුණු අප්‍රිකාවේ පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස වෘත්තීය සමිති ඉල්ලීමක් කරති.
තම ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බව පවසන දකුණු අප්‍රිකාවේ පොලීසිය, ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කරන බව ද සඳහන් කරයි.
වර්ණභේදවාදී පාලනය නිමවීමෙන් පසු තවමත් රට තුළ මෙවැනි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් තිබීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව පුරා බලවත් වික්ෂිප්ත භාවයක් දක්නට ලැබෙන බවයි, එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment