2012-08-19

පාකිස්ථානය , ඇමෙරිකාව සමග ඒකාබද්ධ යුද මෙහෙයුම් ප්‍රතික්ෂේප කරයි

ඇෆ්ඝන් දේශ සීමාවේ උතුරු වෂිරිස්තානයේ ගෝත්‍රික ජනාවාශයකට ඇමෙරිකාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් හය දෙනෙක් මරා දමනු ලැබිණ.
ෂාව්වාල් (Shawwal )නම් දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායම් රැඳී සිටිතැයි සැක කෙරෙන ස්ථානයකට නියමුවන් රහිත ඇමෙරිකානු යානයකින් මිෂයිල ප්‍රහාර දෙකක් එල්ල කොට ඇති බවයි නිලධාරීන් පවසන්නේ.
ඉහත කී ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ අර්ධ ස්වයංපාලන බලතල සහිත ගෝත්‍රික කලාපයේ ජනතාව මුස්ලිම් ඊඩ් උත්සව පවත්වමින් සිටියදී.
මේ අතර පාකිස්තාන් යුද හමුදාපති ජනරාල් අශාක් පර්වේෂ් කයානි( General Ashaque Pervez Kayani ) තාලිබාන් සහ අල්කයිඩා ජාලයට එරෙහි ඒකාබද්ධ යුද මෙහෙයුම් ආරම්භ කරනු ලැබීම ප්‍රතික්ෂේප කළා.
ජනරාල්වරයා කියා සිටින්නේ පිටස්තර බලවේගයන්හි බලපෑම යටතේ ක්‍රියා කිරීමට පාකිස්තානය සූදානම් නැති බවයි.

No comments:

Post a Comment