ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් මහ ඇමතිනී ජයලලිතා විසින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං වෙත යලිත් වරක් ප්‍රසිද්ධ ලිපියක් යැවීමෙන් අනතුරුවයි, ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ඩීඑම් වෙන්ග්‍රා සහ නාවික හමුදාවේ කපිතාන් හේවාවසම් කඳාඋඩගේ එහි මාස එකොළහක පුහුණුවක් ලබමින් සිටින බව හෙළිදරවු වූයේ.
උද්ඝෝෂණයේ යෙදුන දේශපාලන පක්ෂ නායකයකු වන කූ රාමක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් සෙනසුරාදා කොයිම්බතූර්හිදී පොලිස් අත් අඩංගුවට පත්වූ අතර, කුනූර් හි දුම්රියක මග හරස් කිරීමට තැත් කළ එකොලොස් දෙනකු අද ඉරිදාවේ අත් අඩංගුවට ගන්නා ලදි.
මේ අතර ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්‍යායතනය දෙසට පෙළපාලියකින් ගමන් කිරීමට තැත් කළ එම්ඩීඑම්කේ පක්ෂයේ ආධාරකරුවන් 73 දෙනකු ද අත් අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පුහුණුව ලබාදීමට එරෙහිව තවත් උද්ඝෝෂණ ඉදිරි දින කිහිපයේ දී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත බවයි, වාර්තාකරුවන් පවසන්නේ.
දිල්ලි අගනුවර පුහුණුව ලබමින් සිටියදී එක දින පුහුණුවක් සඳහා මේජර් ජනරාල් ජගත් ඩයස් සහ රියර් අද්මිරාල් එස්එස් රණසිංහ නිල්ග්රිස් දිස්තික්කයේ වෙලින්ටන් හි ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්යායතනයට පැමිණීම ට එරෙහිව මීට ඉහතදීද තමිල්නාඩුවේ උද්ඝෝෂණ හට ගත්තේය.
By:BBC
No comments:
Post a Comment