2012-08-31

ඉරාන න්‍යෂ්ටික බලය 'සාමකාමී කාර්යයන් සඳහායි'

කිසිදාක න්‍යෂ්ටික අවියක් නිපදවීමට උත්සාහ නොදරන ඉරානය සාමකාමී කාර්යයන් සඳහා වන න්‍යෂ්ටික වැඩ සටහනක් සඳහා කැපවී සිටින බව එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමේනි ප්‍රකාශ කළේය.
අලි කොමේනි එසේ පැවසුවේ ටෙහෙරාන් අගනුවර දී ආරම්භ වූ නොබැදි ජාතීන්ගේ සමුළුව අමතමිනුයි.
න්‍යෂ්ටික බල ශක්තිය සියලු දෙනාටම අයිති දෙයක් වන අතර කිසිවකුට න්‍යෂ්ටික අවි හිමි විය යුතු බවට ඉරානය විශ්වාස නොකරන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බටහිර බලවතුන්ගේ ඒකාධිපති බල අධිකාරියක් බව පවසමින් ඉරාන ආධ්‍යාත්මික නායකයා එය විවේචනයට ලක් කළේය.

2012-08-30

හිටපු ඇමතිවරිය මිනිස් ඝාතනයකට සහාය දීමේ චෝදනාවට වැරදිකාරිය

ගුජරාටයේ ආගම්වාදී ගැටුම් වලින් අනතුරුව දැවීගිය දුම්රියගුජරාට් ප්‍රාන්තයේ හිටපු ඇමතිවරියක් සමුහ මිනිස් ඝාතනයකට සහාය දීමේ චෝදනාවට වරදකාරිය බව එරට අධිකරණයක් විසින් තීන්දු විය.
මීට වසර දහයකට පෙර ගුජරාට් ප්‍රාන්තයේ ආගම්වාදී ගැටුම් පැතිර ගිය අවස්ථාවේදී මුස්ලිම්වරු අනු පස් දෙනෙකු මරා දැමුණි
ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ජනතාව කුපිත කර වූ බව හිටපු කාන්තා සංවර්ධනය පිලිබඳ නියෝජ්‍ය ඇමතිනි මායා කෝඩ්නානිට එල්ල කෙරුණ චෝදනාවයි.
හිටපු ඇමැතිනියට අමතරව සටන්කාමි හින්දු නායකයෙක් වන බාබු බජ්රන්ගි ඇතුළු තවත් තිස් දෙනෙකුද සමුහ මිනිස් ඝාතන සඳහා සහාය දීමේ චෝදනාවට වරදකරුවන් බවයි අධිකරණය තීන්දු කලේ.ගුජරාටයේ ආගම්වාදී ගැටුම් හටගත්තේ දුම්රියක හටගත් ගින්නකින් හින්දු වන්දනාකරුවන් හැට දෙනෙක් ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුවයි.
ප්‍රාන්තය පුරා පැතිර ගිය ගැටුම් වලින් දහසකට වැඩි පිරිසක් මරා දැමුනු අතර ඔවුන්ගෙන් වැඩි දෙනා මුස්ලිම් ජාතිකයන්.
By:BBC

සෝමාලියාවේ හිටපු අගමැති වන්දි ගෙවීමට සුදානම්.

Somaliaසෝමාලියාවේ හිටපු අගමැති මෝහමෙඩ් අලි සමන්තාර් ඔහුගේ පාලන සමයේදී වධ හිංසාවට ලක්වූ පුද්ගලයන්ට ඩොලර් කොටි දෙකක වන්දි ලබා දීමට එකඟ විය.
අලි සමන්තාර් සෝමාලියාවේ අගමැති ධුරය දැරුවේ 1980 දශකයේයි. ඇමෙරිකානු අධිකරණයක් හමුවේ විභාග කෙරුණ, මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ දැඩි අවධානය දිනාගත් මෙම නඩුව, ගොනු කර තිබුනේ සෝමාලියානු ජාතිකයන් හත් දෙනෙකු විසින්.ඇමෙරිකාවේ ජීවත් වන හිටපු අගමැතිවරයා කියා සිටියේ වධ හිංසා පමුණුවන ලෙස තමා නියෝග නිකුත් කර නැති බවයි. ඔහු මේ එකඟතාව ඇති කර ගත්තේ බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරව.
අලි සමන්තාර් අගමැති ධුරය සහ ආරක්ෂක ඇමති පදවිය දැරූ සමයේ සෝමාලි රහස් ඔත්තු අංශ සහ හමුදා පොලිසිය තමන්ට වධ හිංසා පැමිණ වූ බවයි නඩුව ගොනු කල සෝමාලියානු ජාතිකයෝ කියා සිටියේ.

2012-08-29

ඇමරිකානු ක්‍රියාධාරිනියක ගේ මරණය අවාසනාවන්ත වැරදීමක් - ඊශ්‍රායල අධිකරණය

Rachel Corrie in front of the bulldozerමීට අවුරුදු නමයකට පෙර ගාසා තීරයේදී බුල්ඩෝසරයකට යට වී මියගිය ඇමරිකානු ක්‍රියාධාරිනියක ගේ මරණය අවාසනාවන්ත වැරදීමක් යැයි ඊශ්‍රායල අධිකරණය විසින් තීන්දු කොට තිබේ.
රැචල් කොරී නම් ඇමරිකානු ක්‍රියාධාරිනිය බුල්ඩෝසරයකට යට වී මියගියේ රෆැහැ පළාතේ පලස්තීන වැසියන් ගේ නිවාස ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සිටියදී .
ක්‍රියාධාරිනිය ඉතා පැහැදිලිව දුරට පෙනෙන කබායක් පැළඳ විරෝධය පළ කරමින් සිටියදී යි, මේ මරණය සිදු වූයේ.

බුරුම ආණ්ඩු විවේචකයන් ගේ නම් 'තහනම් ලැයිස්තුවෙන්' ඉවතට


Newspapers in Burma 

ජාතික ආරක්ෂාවට පටහැනිව කටයුතු කිරීමට ඉඩ තිබෙන පුද්ගලයින් ගේ ලැයිස්තුවෙන් නම් දෙදහසක් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව බුරුම ආණ්ඩුව ප්‍රකාශ කරයි.
මෙම ලැයිස්තුවේ සිටින පුද්ගලයින් හට රටට ඇතුල්වීම් මෙන්ම පිටවීමත් තහනම්.
ලැයිස්තුවෙන් නම් ඉවත් කිරීමත් සමගින් එහා මෙහා ගමන් කිරීමට තිබෙන බාධක ඉවත් වේ.
මෙම ලැයිස්තුවෙන් ඉවත් කෙරන පුද්ගලයින් ගේ නම් තවමත් දැන ගන්නට නැහැ.
ජනමාධ්‍යවේදීන්, ආණ්ඩුව විවේචනය කරන පිරිස් සහ රටින් පිටවී සිටින රජයේ සේවකින් ගේ නම් මේ ලැයිස්තුවට ඇතුලත්.
ජනමාධ්‍යවේදීන්, ආණ්ඩුව විවේචනය කරන පිරිස් සහ රටින් පිටවී සිටින රජයේ සේවකින් ගේ නම් මේ ලැයිස්තුවට ඇතුලත්.
By:BBC

2012-08-27

එක්සත් ජාතීන්ගේ නිලධාරීන් මියන්මාරයේ අත්අඩංගුවේ

තම වෘත්තිකයන් දෙදෙනකු මියන්මාරයේ උසාවියක් විසින් සිරගත කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
රකින් පළාතේ බෞද්ධ -මුස්ලිම් ගැටුම් සමයෙහි ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගනු ලැබ සිටි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
සිරගත කරනු ලැබ සිටින දෙදෙනාගෙන් එක තැනැත්තෙක් අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේත්, දෙවැන්නා ලෝක ආහාර ව්‍යාපෘතියේත් සේවය කළ බවයි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
මියන්මාර් අධිකරණය විසින් එක්සත් ජාතීන්ට සම්බන්ධ තවත් සංවිධානයක ක්‍රියාධරයකුත් වරදකරු හැටියට තීන්දු කරනු ලැබ තිබේ.
ඉහත කී පුද්ගලයන්ට එරෙහිව ඉදිරිපත් කෙරුන චෝදනා මොනවාද යන්න නිල මට්ටමින් විස්තරාත්මක මට්ටමින් ප්‍රකාශයට පත් කෙරී නැහැ.
චුදිතයන් සියලු දෙනාම මියන්මාර් ජාතිකයන්.
ඔවුන්ට එරෙහිව චෝදනා නගා තිබුනේ පසුගියදා බෞද්ධ - මුස්ලිම් ගැටුම් සිදුවෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මහජනතාව කුපිත කිරීම සම්බන්ධයෙන්.
By:BBC

සිරියාවේ අගනුවරදී 'ආණ්ඩුවේ යානයකට' ප්‍රහාර


The helicopter under attack 




දමස්කස් අගනුවර තුළ තමන්ට පහර එල්ල කරමින් සිටි ආණ්ඩුවේ හෙළිකොප්ටර් යානයක් වෙඩි තබා බිම හෙළූ බව සිරියානු විපක්ෂයේ හමුදා පවසති.
ගිනිගෙන පොළවට කඩා වැටෙන හෙළිකොප්ටර් යානයේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් කැරලිකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කොට තිබේ.

"පොළවට කඩා වැටෙන යානයේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් කැරලිකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කොට තිබේ"
සිරියානු රාජ්‍ය රූපවාහිනිය පවසන ආකාරයට හෙලිකොප්ටරය දමස්කස් අගනුවර ප්‍රත්‍යන්ත කලාපයක මුස්ලිම් පල්ලියක් අසළටයි කඩා වැටී ඇත්තේ.
එහෙත් යානය කැරළිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ බවක් සිරියානු රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළේ නැහැ.
පසුගිය දින කීපය ඇතුළත සිරියානු ආණ්ඩුවේ හමුදා ප්‍රහාර මගින් තුන්සීයකට අධික ජනතාව මරාදැමූ බවයි කැරලිකරුවන් කියා සිටින්නේ. බිම හෙළූ හෙලිකොප්ටරය එවැනිම තවත් ප්‍රහාරයක නිරතව සිටි බවක් දක්නට ඇති බවයි බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා හමුදාවට පුහුණුව ලබාදීමට එරෙහිව තමිල්නාඩුවේ උද්ඝෝෂණ

Protest in Coonoorවෙලින්ටන් හි ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්‍යායතනයේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනකු පුහුණුව ලබමින් සිටින බව අනාවරණය වීමෙන් අනතුරුව තමිල්නාඩුව පුරා යලිත් වරක් උද්ඝෝෂණ හටගෙන තිබේ.


ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් මහ ඇමතිනී ජයලලිතා විසින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං වෙත යලිත් වරක් ප්‍රසිද්ධ ලිපියක් යැවීමෙන් අනතුරුවයි, ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ඩීඑම් වෙන්ග්‍රා සහ නාවික හමුදාවේ කපිතාන් හේවාවසම් කඳාඋඩගේ එහි මාස එකොළහක පුහුණුවක් ලබමින් සිටින බව හෙළිදරවු වූයේ.

2012-08-26

හඛානි සංවිධාන ජාලයේ නායකයෙක් ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මිය යයි

ඇෆ්ඝනිස්තානයේ ඉතාම බලවත් සන්නද්ධ කණ්ඩායම්වලින් එකක් වන, හඛානි සංවිධාන ජාලයේ ජ්‍යෙෂ්ට නායකයකුව සිටි බදුර්දීන් හඛානි,(Badruddin Haqqani) ඔහුගේ පව්ලේ සාමාජිකයකු පවසන පරිදි ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මරා දමනු ලැබ තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය, නියමුවන් නැති යානයක් යොදා ගනිමින් පසුගිය අඟහරුවාදා පකිස්තානයට අයත් උතුරු වසිරිස්ථාන් ප්‍රාන්තයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් බදුර්දීන් හඛානි මරණයට පත්ව ඇති බවයි ඔහුගේ පව්ලේ සාමාජිකයා BBC යට කියා සිටියේ.
එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එම කාරණය තහවුරු කර නැත.
යම්හෙයකින් එක්සත් ජනපදය එය තහවුරු කළොත් , එය ඇමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානු භූමියේ ගෙනයන ප්‍රහාරයන්හි විශාල ඉදිරි පිම්මක් වනු ඇතැයි වාර්තාකරුවෝ පවසනවා.
මේ අතර නේටෝ හමුදා නැගෙනහිර ඇෆ්ඝනිස්තානයේ එල්ල කල ප්‍රහාරයකින්, පාකිස්තාන් තාලිබාන් ව්‍යාපාරයේ අණදෙන නිලධාරියකු වූ මුල්ලා දදුල්ලා (Mullah Dadullah,) සහ ඔහුගේ ප්‍රහාරක සගයන් ගණනාවක් ම මරා දමන ලද බවක් ද වාර්තා වුනා.
බදුර්දීන් හඛානි මරා දැමුණ බවට පළ වෙමින් ඇති වාර්තා හඛානි සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුනා.
එහෙත් හඛානිගේ සිරුර මිහිදන් කෙරෙනු තමන් දුටු බවයි තවත් පිරිසක් කියා සිටියේ
By:BBC

මියන්මාරයේ මහා ගංවතුරින් අසු දහසකට උන්හිටිතැන් අහිමියි



මියන්මාරයේ මහා ගංවතුරින් අසූ දාහකට අධික ජනකායකට උන්හිටිතැන් අහිමි වෙයි.
පසුගිය දිනවල ඇද වැටුන මහා වර්ෂාව නිසා ඇති වූ ගංවතුර උවදුර ප්‍රධාන වශයෙන් මියන්මාරයේ සරුසාර දකුණු ඩෙල්ටාවට තදින් බල පෑ බව නිලධාරීහු පැවසුහ.
සහල් නිපදවන කුඹුරු ඉඩම්වලින් හෙක්ටර්යාර් දහස් ගණනක් ගංවතුරට යට වූ බවත් නිලධාරීහු ප්‍රකාශ කළහ.
2008 වසරෙහි මියන්මාරය මුහුණ දුන් මහා කුණාටුවේදීත් විපතට පත් වුනේ එම ප්‍රදේශයයි.
එම ව්‍යසනයේදී විනාශ වූ ජීවිත ගණන එක්ලක්ෂ තිස් දහසකි.
By:BBC

2012-08-25

බින්ලාඩන් ඝාතනයට බැරක්‌ ඔබාමා බිය වූවාද?



ඔසාමා බින්ලාඩන් සැඟවී සිටින්නේ පකිස්‌තානයේ ඇබොටාබාද්හි බිලාල් නගරයේ තුන් මහල් ගොඩනැඟිල්ලේ දැයි යන සැකය ඇමරිකානු සී.අයි.ඒ. නිලධාරීන්ට මුලින්ම ඇතිවූයේ 2010 දීය. 2010 අගෝස්‌තු මාසයේදී සී.අයි.ඒ. ඔත්තුකරුවකු බින්ලාඩන්ගේ පණිවිඩකරු වූ අල් කුවේට්‌ ලුහුබැඳ යද්දී ඔහු මේ නිවසට ඇතුළුවීම දුටු නිසා මේ සැකය මුලින්ම ඇතිවිය. පසුව මේ නිවසේ සිටින තැනැත්තා බොහොදුරට බින්ලාඩන්ම විය හැකි බවට බුද්ධි තොරතුරු එක්‌රැස්‌ කර ගැනීමට හැකි විය. ඒ නිසා දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන සිය ගණනක්‌ සී.අයි.ඒ. සංවිධානයට වෙන් කරනු ලැබුවේ මේ මෙහෙයුම වඩා සාර්ථකව සිදු කරනු පිණිසය. ඒ අනුව සී.අයි.ඒ. සාමාජිකයෝ ඇබොටාබාද්හි නිවසක්‌ ද මිලදී ගෙන ඈත සිට මේ තෙමහල් නිවස නිරීක්‍ෂණය කරන්නට විය.


ඇබොටාබාද් නිවස ඉදිකර ඇත්තේ 2004 දී වන අතර එම නිවස හා පකිස්‌තාන හමුදා ඇකඩමිය අතර දුර කිලෝමීටර් 1.3 කි. මෙම හමුදා ඇකඩමිය බ්‍රිතාන්‍යයේ සැන්ඩහර්ට්‌ හමුදා ඇකඩමියට මෙන්ම ඇමරිකාවේ වෙස්‌ට්‌ පොයින්ට්‌ හමුදා ඇකඩමිය හා සමාන උසස්‌ම ආයතනයකි. බිලාල් නගරයේ වැසියන් නම් සිතුවේ මේ නිවසේ වෙසෙන්නේ වසිරිස්‌තානයේ වැසියෙක්‌ කියාය.


කවරක්‌ නමුත් අවසානයේ Operation Neptune Spear එනම් බින් ලාඩන් ඝාතන මෙහෙයුම මැයි 1-2 ත් අතර මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක විය. මේ සඳහා "ඇමරිකානු සීල්" භටයන් 79 ක්‌ද, කයිරෝ නමැති හමුදා බල්ලා ද සහභාගි වූ අතර මේ පිරිස ජලාලාබ්ද් ගුවන් කඳවුරේ සිට හෙලිකොප්ටර් හයකින් මෙහෙයුම සඳහා පැමිණියහ. මෙම මෙහෙයුමේ ප්‍රධානියා වූ ඇමරිකානු ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ ප්‍රධානී වයිස්‌ අද්මිරාල් විලියම් එම්. මැක්‌රාවන්ට ඇබොටාබාද්හි නිවසක බින්ලාඩන් වෙසෙන බව සී.අයි.ඒ. සංවිධානය හෙළි කළේ 2011 ජනවාරි මාසයේය. මුලින්ම කිලෝ ග්‍රෑම් 900 ක බෝම්බයක්‌ දමා මේ නිවස විනාශ කිරීමට යෝජනාවක්‌ ඉදිරිපත් වුවද එය අත්හැර දමන ලදී.

බින්ලාඩන් ඝාතන මෙහෙයුමේ රහස් ඇතුළත් ග්‍රන්ථයක්

ලේඛකයා මෙහෙයුමට එක් වූ කොමාන්ඩෝ භටයෙක්
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් සීල් බළකාය වෙඩි උණ්ඩ හා බෝම්බ ඇසුරු කරන්නන් නමුදු අල්කයිඩා නායක බින්ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ ඉන් එක් කොමාන්ඩෝ භටයෙකු ලේඛකයකු බව‍ට පත්වෙමින් එම මෙහෙයුමේ රහස් අනාවරණය කරන ග්‍රන්ථයක් රචනා කර ඇති අතර එක්සත් ජනපද ජනාධිපති සටනට ඉන් බලපෑම් සිදුවනු ඇතැයි පැවසී තිබේ.
"ලේසිපාසු දිනයක් නොවේ ,ඔසාමා බින්ලාඩන් ඝාතන මෙහෙයුමේ මූලික විස්තරය"යනුවෙන් හැඳින්වෙන මේ කෘතිය දේශපාලනික වශයෙන් වැදගත් වන දිනයක හා ජනාධිපති ඔබාමා හා රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි අතර පැවැත්වෙන සටනට දෙමසකටත් අඩුකාලයක් තිබෙන අවස්ථාවක් වන සැප්තැම්බර් 11 දා එළිදක්වනු ඇතැයි සඳහන්ය.
මේ පොතේ කතුවරයා 2011 මැයි මාසයේ බින්ලාඩන් සැඟවී සිටි නිවසට ඇතුළු වු හා ලාඩන් ගේ මරණය සියැසින් දුටු සීල් බළකායේ කොමාන්ඩෝ භටයකු වන අතර ඔහු මාක් ඕවන් යන ව්‍යාජ නාමයකින් මෙහිදී පෙනී සිටින බව පැවසී ඇත. පාකිස්තාන අබොටාබාද් මෙහෙයුමෙන් කුළුගැන් වුණු ප්‍රහාරාත්මක මෙහෙයුම් 13 කින් පසු හමුදාවෙන් ඉවත්ව ඇති ඔහු , මේ කෘතිය නිර්මාණය කර ඇත්තේ කේවින් මෝරර් නම් එක්සත් ජනපද මාධ්‍ය වේදියා සමඟ එක්වය.

2012-08-24

චීනයේ අළුතින් ඉදිකළ මහා මාර්ගයක පාලමක් කඩා වැටේ

ඊශානදිග චීනයේ මංතීරු අටකින් යුත් අළුතින් ඉදිකෙරුන මහා මාර්ගයක පිහිටි පාලමකින් කොටසක් කඩා වැටීමෙන් තුන්දෙනකු මරණයට පත් වී තිබේ.
බර පැටවූ ලොරි හතරක් ධාවනය වෙමින් තිබියදී පාලමෙන් මීටර් සීයක පමණ පදාසයක් කඩා වැටුන බවයි වාර්තා වන්නේ.
බඩු පැටවූ ලොරි පාලමෙන් පහළට වැටුන බවත් එම වාර්තාවන්හි දැක්වේ.
ඊශානදිග චීනයේ හාර්බින් නගරයේ ගුවන් තොටුපොළ කරා දිවෙන මාවතේ පිහිටි කඩාවැටුන පාලම ඉදිකර තිබෙන්නේ මෙයින් අවුරුද්දකට පමණ පෙර.
වසරකට යාන්තමින් වැඩි තරමේ පසුගිය කාල සීමාව ඇතුළත, තවත් පාලම් හයක් මෙවැනි ආපදාවන්ට ලක් විනැයි ෂින්හුවා චීන රාජ්‍ය මාධ්‍ය ආයතනය වාර්තා කළේය.
චීනය සිය මහා මාර්ග සහ දුම්රිය මාර්ග ජාලය කඩිනමින් පුළුල් කිරීමට ගනු ලබන උත්සාහය තුළ, දුෂණ මෙන්ම අඩුවියදමින් ඉදි කිරීම් සිදු කෙරෙන බවට චෝදනා එල්ල වෙමිනුයි පවතින්නේ.
ශ්‍රී ලංකාවේද ප්‍රධානතම ඉදිකිරීම් කීපයක් ම සිදු කරනු ලබන්නේ චීන සමාගම් විසිනුයි.

By:BBC

නොර්වේ සමූහ ඝාතනයේ චුදිත බ්රෙයිවික්ට වසර විසි එකක සිර දඬුවමක්

පසුගිය වසරේ ජූලි මාසයේ හැත්තෑ හත්දෙනකු මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි චූදිත අන්ද්‍රෙස් බේරින්ග් බ්රෙයිවික් මනා සිහිකල්පනාව සහිත පුද්ගලයකු යයි තීන්දු කළ නෝර්වේ උසාවියක් ඔහුට අවුරුදු විසි එකක සිර දඬුවමක් නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ල උසාවියෙන් ඉල්ලා සිටියේ විසි එක් හැවිරිදි චූදිතයා, උමතුවෙන් පෙළෙන්නකු හැටියට ප්‍රකාශයට පත් කරමින්, ඔහු නිශ්චිත කාල නියමයකින් තොරව, අධි ආරක්‍ෂිත මානසික රෝහලක සදහටම රඳවා තැබීමේ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
තමා විසින් සිදුකරන ලද අපරාධය ගැන කිසිදු පසුතැවිල්ලක් පෙන්නුම් නොකළ අන්ද්‍රෙස් බේරින්ග් බ්රෙයිවික්, බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් සහ වෙඩි තැබීම මගින් සිදු කළ අපරාධයේ වගකීම භාර ගත්තේය.
තමා මනා සිහිකල්පනාවෙන් යුක්ත බව දිගටම ප්‍රකාශ කළ චුදිතයා කියා සිටියේ දේශපාලන අරමුණක් ඇතිව ඉහත කී ඝාතන සිදු කළ බවයි.
උසාවියේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙද්දී Breivik සිනා මුසුව සිටිනු දක්නට ලැබිණ.
තම සේවා දායකයා තීන්දුවට එරෙහිව අභියාචනය නොකරන බව බ්රෙයිවික් ගේ නීතිවේදියා විසින් තහවුරු කරනු ලැබින.

ඇමරිකානු ආරක්‍ෂක ලේකම්ගේ නියෝගය හෙලිකළ බ්‍රිගේඩියර්ට චෝදනා

අබුගයිරබ් සිරකඳවුරේ සිටි සිරකරුවන්ට වධහිංසා පැමිණ විය යුතු බවට දක්‌වන නියෝගය ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්‌පීල්ඩ් අත්සන් කිරීම හෙළි කළ බ්‍රිගේඩියර් ජානිස්‌ කාපින්ස්‌කිට සාප්පුවකින් බඩු සොරාගත් බවට සාවද්‍ය චෝදනාවක්‌ ඉදිරිපත් කිරීමට ඇමරිකානු බලධාරීන් ක්‍රියා කළේ යෑයි උස්‌බෙකිස්‌තානයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති ක්‍රෙග්aමරේ පවසයි. සත්‍ය හෙළිදරව් කරන අයට බොරු චෝදනා නඟනවා. කාපින්ස්‌කි නමැති හමුදා නිලධාරිනියට බඩු සොරාගත් බවට චෝදනා එල්ල වූයේ ඇය රම්ස්‌පිල්ඩ්ගේ නියෝගය ගැන හෙළි කිරීමෙන් දිනකට පසුවයි යෑයි ඔහු කියා සිටියේය.

ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය විසින් උස්‌බෙකිස්‌තානයේ වධ කඳවුරු පවත්වන බව තමා හෙළි කළ නිසා තමාට ද සාවද්‍ය චෝදනා ඉදිරිපත් වූ බවද හෙතෙම පළ කළේය.

හැරී කුමාරයාගේ නිරුවත් පින්තූර ගැන බ්‍රිතාන්‍යයේ විවාද



බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ මුනුපුරු හැරී කුමාරයා හෝටල් කාමරයක තවත් කතක් සමග නිරුවතින් සිටියදී ගන්නා ලද ඡායාරූප බ්‍රිතාන්‍ය මාධ්‍ය වල පළ නොවීම භාෂණයේ නිදහස පිලිබඳ විවාදයකට තුඩු දෙයි.
දෙවැනි එලිසබත් රාජිණිය ගේ මුනුපුරු හැරී කුමාරයා හෝටල් කාමරයක තවත් කතක් සමග නිරුවතින් සිටියදී ගන්නා ලද ඡායාරූප කීපයක් ඇමරිකානු ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට පත් වූවත්, බ්‍රිතාන්‍ය මාධ්‍ය වල නම් ඒවා පළ වුයේ නැහැ.
මාධ්‍ය ආයතනවලට රාජකීයයන් කියා තිබුනේ පින්තුර පළ කිරීම පුද්ගලිකත්වය බිඳ හෙළන්නක් බව.
රජ පවුලේ දැනුම් දීම බ්‍රිතාන්‍යය තුල භාෂණයේ නිදහස පිලිබඳ විවාදයකට තුඩු දී තිබේ.
පින්තූර සැබෑ බව බ්‍රිතාන්‍ය රජ පවුල විසින් තහවුරු කරන ලද අතර අන්තර් ජාලයේ කිහිප තැනකම ඒවා දැක ගන්නට තිබිණි.

පින්තූර විස්තරේ

දුරකතනයකින් ගත් බව දිස්වුනු ඒ ඡායාරූප ගෙන තිබුනේ බ්‍රිතාන්‍ය රජ කිරුලට් උරුම ඇත්තන්ගේ පෙළේ තුන් වැන්නා වන හැරී කුමාරයා, එක්සත් ජනපදයේ සුදුවට ප්‍රකට විනෝද පුරයක් වන ලස් වේගාස් හි පුද්ගලික සංචාරයක නිරතව සිටියදී.
එක් ඡායාරුපයක දැක්වෙන පරිදි කර මාලයක් සහ ඔරලෝසුවක් පමණක් පැළඳ දෑතින් ලිංගේන්ද්‍රිය වසා ගෙන සිටින ඔහු අසලින්ම නිරුවත් කාන්තාවක්.
එකදු ප්‍රධාන බ්‍රිතාන්‍ය පුවත් පතක් ඒ පින්තූර පල කොට නැහැ.
ජනමාධ්‍ය නිරීක්ෂකයන් පවසන්නේ පුවත් පත් වල මේ මැළි කමට හේතුව ලෙවිසන් කොමිසම විසින් පවත්වන ලද පරීක්ෂණය බවයි.
ඇතැම් බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය විසින් නීති විරෝධී අයුරින් ජංගම දුරකථන වලට රහසේ සවන් දීම පිලිබඳ තොරතුරු පැතිර යාමත් සමග 2011 දී බ්‍රිතාන්‍ය අගමැති වරයා විසින් කොමිසම පත් කරන ලද්දේ මාධ්‍ය ආචාර ධර්ම පිලිබඳව විභාග කිරීමට.

2012-08-23

මරා දැමුණු දකුණු අප්‍රිකානු කම්කරුවන් සැමරේ


පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ දකුණු අප්‍රිකාවේ ආකර කම්කරුවන් ඇතුළු හතලිස් හතර දෙනකු වෙනුවෙන් පැවති දේව මෙහෙයට දහස් ගණන් ජනතාව සහභාගි වුහ.
වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනය කළ මරිකානා ප්ලැටිනම් පතලේ කම්කරුවන්ට පොලිසිය පහර දෙන ලද්දේ පසුගිය සතියේදීයි.
තවමත් වැඩ වර්ජනයේ යෙදී සිටින කම්කරුවන් පිහි සහ කැති රැගෙන දේව මෙහෙයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ නොසන්සුතාවක් පැන නැගුන බවද වාර්තා විය. මරා දැමුණ කම්කරුවන් වෙනුවෙන් දකුණු අප්‍රිකාව පුරා ආගමික මෙහෙය සංවිධානයකොට තිබේ.
පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ පිලිබඳ තොරතුරු දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා විසින් හෙළි කිරීමට නියමිතයි.
පසුගිය බදාදා ජනාධිපතිවරයා පතලේ සංචාරය කළ අවස්ථාවේ වර්ජකයෝ ඔහු නොතකා හළහ.
මරිකානා ආකරයෙන් ආරම්භ වූ වැඩ වර්ජනය මේ වන විට අනිකුත් පතල් වලටද පැතිර ගොස් තිබේ.
By:BBC

සිරියා ජනපති අසාද් ධූරයෙන් ඉවත්වීමේ සූදානමක්



සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡුා ආරම්භ කර ඇති බව එරට රජය පෙරේදා(21) ප‍්‍රකාශ කළේය.
අභ්‍යන්තර යුද්ධයක් දක්වා දිග්ගැස්සුණු සිරියා අර්බුදය විසඳීමේ අරමුණින් මෙම සාකච්ඡා ආරම්භ කිරීමට තම රජය තීරණය කළ බව රුසියාවේ සංචාරයක නිරත සිරියානු නියෝජිත කණ්ඩායම පෙරේදා කියා සිටියේය.
මේ වන විට සිරියාව පුරා ගැටුම්කාරී තත්ත්වය උත්සන්නව ඇති බවත් පෙරේදා රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව 81 දෙනකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දිනපතා රට තුළ ගැටුම් උත්සන්නවීමත් සමඟ ජාත්‍යන්තරයෙන් ජනපති අසාද්ට සිය ධූරයෙන් ඉවත්වන ලෙසට වන බලපෑම් හමුවේ එරට රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අසාද්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව රුසියාව සමඟ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව කී සිරියා උප අගමැති කදීර් ජමිල් සඳහන් කළේ ජනපති අසාද්ගේ ඉල්ලා අස්වීම සුහදව සිදුවන එකක් බවයි.
සිරියා උප අගමැති කදීර් ඇතුළු නියෝජිත කණ්ඩායම රුසියාවට පැමිණ ඇත්තේ සිරියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට බව ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි. වත්මන් ජනපති අසාද්ට ද එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන්ද රුසියානු රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එම පුවත්සේවය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරියා විපක්ෂ කි‍්‍රයාකාරීන් පැවසුවේ අන්තර්වාර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව තමන් අවධානය යොමු කර ඇති බවයි. එහිදී අන්තර්වාර රජයට වත්මන් පාලකයන් සම්බන්ධ කර ගන්නේද යන්න පිළිබඳව ඔවුහු අදහස් දක්වා නොමැති බව වාර්තා වේ.

ඉන්දීය අගමැතිට ධූරයෙන් ඉවත් වන්නැයි විපක්‍ෂයෙන් බලපෑම්



ඉන්දියාවේ පතල් කර්මාන්තය සම්බන්ධයෙන් හට ගෙන ඇති අර්බුදය හේතුවෙන් අගමැති මන්මෝහන් සිං සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු ඉල්ලා අස්වන තුරු පාර්ලිමේන්තුවේ කටයුතුවලට තමන් බාධා කරන බවත් ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසයි.
ඉන්දීය රජය, කිසිදු විනිවිදභාවයකින් තොරව එරට පතල් කැණීම් කටයුතු පෞද්ගලික සමාගම්වලට පවරා දී ඇති බවත් එයින් ඉන්දීය රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවූ බවත් ඉකුත් සිකුරාදා එළිදැක්වූ විගණන වාර්තාවක සඳහන් වෙයි.
එම ගනුදෙනු සිදුවී ඇත්තේ, නිර්මල දේශපාලනඥයකු ලෙස ප‍්‍රකට මන්මෝහන් සිං (79) 2004 වසරේ සිට 2009 තෙක් කාලයේ පතල් කර්මාන්ත කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දීය.
පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින් විරෝධතාවට එක් ව සිටින ඉන්දීය ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අරුන් ජෙට්ලි පවසන්නේ එම අයථා ගනුදෙනු සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් සිං වහාම අගමැති ධුරයෙන් අස්විය යුතු බවය.

දෙසලෙන් ඉතියෝපියාවේ අගමැති ධුරයට

වැඩබලන අගමැති හයිලේමාරියන් දෙසලෙන් ඉදිරි දින දෙක ඇතුළත පාර්ලිමේන්තුව ඉදිරියේ දිව්රුම් දෙනු ඇතැයි ඉතියෝපියාවේ ආණ්ඩුව කියා සිටියි.
අගමැති මෙලෙස් සෙනාවී හදිසියේ ම අභාවප්‍රාප්ත වීමෙන් පසුව, වැඩ බලන අගමැතිවරයා හැටියට පත්ව සිටින්නේ හයිලේමාරියන් දෙසලෙන්.
අභිනව අගමැතිවරයා 2015 දී පැවැත් වීමට නියමිත මීළඟ මහමැතිවරණය තෙක් බලයේ සිටින බවත් ප්‍රකාශ විය.
මියගිය අගමැති මෙලෙස් සෙනාවී ගේ දේහය අඩිස් අබාබා අගනුවර ජාතික මාළිගයේ තැන්පත් කරනු ලැබ ඇති අතර අගමැතිවරයාගේ හදිසි අභාවය නිමිත්තෙන් ඉතියෝපියානු ජනතාව ශෝකයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
අගමැති අවමඟුල සිදුකරන දිනය තවම ප්‍රකාශයට පත් කර නැත.
By:BBC

ඇමෙරිකාව සිරියානු ප්‍රහාරයකට සැරසෙන බවට චීනයෙන් චෝදනා



සිරියාවේ රසායනික අවි සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් පළකරනු ලැබුන අදහස් වගකීමකින් තොර, ඉතාම අනතුරුදායක ප්‍රකාශ හැටියට චීනයේ දෝෂ දර්ශනයට ලක් වෙයි.
ෂින්හුවා චීන රාජ්‍ය පුවත් ආයතනය විසින් ජනාධිපති ඔබාමාගේ අදහස් විග්‍රහ කරන්නේ යුදමය මැදිහත්වීමක් යුක්ති සහගත කරගනු ලැබීම සඳහා ව්‍යාජ හේතුවක් සොයා ගැනීමේ උත්සාහයක් හැටියටයි.
සිරියානු ආණ්ඩුව විසින් රසායනික අවි ආයුධ පාවිච්චි කරනු ලැබීම තමන් නොඉවසන බවයි පසුගිය සඳුදා ජනාධිපති ඔබාමා කියා සිටියේ.
ජනාධිපති ඔබාමාගේ අදහස් රුසියාව විසින් ද හෙළා දැක ඇත.
සිරියානු ආණ්ඩුව රසායනික අවි ආයුධ පාවිච්චි නොකරන බවට තමන්ට දැඩි විශ්වාශයක් ඇති බවයි රුසියාව කියා සිටින්නේ.
By:BBC

2012-08-22

දුම්රියක දී මරා දැමුණ ඉන්දීය මුස්ලිම් ජාතිකයන්ගේ අවමඟුල අද

දකුණු ඉන්දියාවේ බැංගලෝරයේ සිට ඇසෑම් දක්වා ධාවනය වූ විශේෂ දුම්රියකදී ඝාතනය කර දුම්රියෙන් එලියට වීසිකර තිබු සිවු දෙනකුගේ අවමංගල උත්සව අඟහරුවාදා පැවැත්විණ.
මෙසේ ඝාතනය වී ඇති සියලු දෙනාම මුස්ලිම් ජාතිකයන් වන අතර ඔවුන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝර් නගරයෙන් පලා යමින් සිටි බවයි වාර්තා වන්නේ.
ඊසාන දිග ඉන්දියාවෙන් පැමිණි ජනතාවට පහර දෙන බවට දුෂමාන ආරංචියක් බැංගලෝරයේ පැතිර යාමත් සමග බොහෝදෙනා නගරය අතහැර පලා ගොස් තිබේ.
තවත් මුස්ලිම් ජාතිකයන් දහ දෙනෙක් දුම්රියෙන් පිටතට වීසි කර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
පොලිසිය සහ ඉන්දීය බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවක් ප්‍රකාශ කොට සිදුකර නැහැ.

වෙබ් අඩවි තහනම්

ඊසාන දිග ඉන්දියාවෙන් පැමිණි දහස් ගණන් ඉන්දියානුවෝ බැංගලෝර් නගරය අතහැර විශේෂ දුම්රිය මගින් පලා යමින් සිටින අතර එම දුම්රිය තුල සිදුවූ ඝාතන වලට හේතුව කුමක්දැයි තහවුරු කිරීමටද දුම්රිය දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය සමත් වී නැහැ.

2012-08-21

ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්විය හැකි විසඳුමක් නෑ: සිරියානු එ.ජා මෙහෙයුම නිල වශයෙන් අවසන් ... ඩැමස්කස්- ඒඑෆ්පී

සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීම හා එරට මාස ගණනක් තිස්සේ පවත්නා ලේ හැලීම් නැවැත්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ලෝක බලවතුන් අතර
එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිවීම මැද සිරියානු එ.ජා නිරීක්ෂක කණ්ඩායම ආපසු කැඳවීමත් සමඟ සිරියානු එ.ජා මෙහෙයුම නිල වශයෙන් අවසන් වී තිබේ.
සිවුමසක් පමණ තිස්සේ පැවති එ.ජා.නිරීක්ෂණ මෙහෙ‍යුම ජීවිත දස දහස් ගණනක් බිලිගැනීමට හේතුවූ ප්‍රචණ්ඩත්වය හමුවේ අඩපණ වුයෙන් එය නිල වශයෙන් පෙරේදා
මධ්‍යම රාත්‍රියෙන් පසු නිම වන බව ප්‍රකාශ විය.
ඉකුත් අප්‍රේල් මස එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් අනුව සිරියාවේ 300ක පමණ යුත් සටන් විරාම නිරීක්ෂණ පිරිසක් යොදවන ලද්දේ එ.ජා.- අරාබි
ලීග නියෝජිත කොෆි අන්නන් විසින් ගැටුම් නිරාකරණ සඳහා ඉදිරිපත් කළ කරුණු 6ක් අඩංගු ‍සැලැස්මේ අංගයක් ලෙසය.
අන්නන්ගේ යෝජනාව අනුව පැවතිය යුතු සටන්විරාමය දෙපාර්ශය විසින්ම උල්ලංඝනය කිරීම නිසා ඉකුත් ජුනි මස නිරීක්ෂණය අත්හිටුවා එහි සාමාජික සංඛ්‍යාවද අඩුකරන
ලදී . එ.ජා.නිරීක්ෂණ කණ්ඩායම් නායකයා පසුගියදා සි‍රියානු හමුදා මෙන්ම කැරලිකාර පක්ෂයද සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු නොකරන බවට චෝදනා කළේය.
අන්නන් කීවේ සිරියානු රජය හා කැරලි කාර පිරිස් යන ‍ දෙපාර්ශයම අන්තර්ජාතික මානුෂික නීතියට අනුගතව සිවිල්වැසියන් ගේ ආරක්ෂාව සැලසීමට කටයුතු කර නැති බවය.
තවද සිරියානු ගැටුම් නවතාලීම සඳහා තමන් ඉදිරිපත් කළ සැලසුමට අන්තර්ජාතික සහයෝගීතාව නොලැබෙන බවටද ඔහු චෝදනා කළේය. ඒඅනුව මේ මාසය අග දි සිරියානු
ප්‍රශ්නය සම්බන්ධ අන්තර්ජාතික දූත දුරයෙන් ඉවත් වන බවද ඔහු කීවේය.

ඉතියෝපියා අගමැති අභාවප්‍රාප්ත වේ-අඩිස් අබාබා-ඒ එෆ් පි

ඉතියෝපියා අගමැති මෙලෙස් සෙනාවි, විදේශයක රෝහල් ගතව සිටියදී මියගොස් ඇති බව එරට රජය ප්‍රකාශයට පත් කර ඇත. කලාපීය බලවතකු වූ ඔහු දශක දෙකකට වැඩි කාලයක් පාලනයේ නිරතව සිටියේය.
57 හැවිරිදි ඔහු පෙරේදා සවස මියගිය බව ප්‍රකාශ වී ඇතත් වැඩි විස්තර සඳහන් කිරීමක් සිදුව නැත. ඔහු දෙමසක කාලයක පටන් ප්‍රසිද්ධියේ දක්නට නොලැබි ඇති අතර බ්‍රසල්ස් හි රෝහලක රෝගීතත්ත්වයෙන් පසුවූ බව වාර්තා වී ඇත.
ඔහු සුවය ලබමින් සිටි බවත් එහෙත් හදිසියේම රෝගී තත්ත්වයේ ඇතිවු වෙනසකින් දැඩිසත්කාර ඒකකයට ඇතුල්කිරීමට සිදුව ඇති අතර එහිදී ඔහුගේ ජීවිතය රැකදීමට හැකිව නැති බවත් වැඩිදුරටත් සඳහන්ව තිබේ.

2012-08-20

මියන්මාරයේ මාධ්‍ය වාරණය ඉවත් කෙරේ

ජන මාධ්‍ය සඳහා බල පැවැත්වුන නිල වාරණය ඉවත් කරන බව මියන්මාර් බලධාරීහු නිවේදනය කළහ.
පසුගිය වසරේ බලයට පැමිණි සිවිල් ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවනු ලබන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ අළුත්ම පියවර එයයි.
මියන්මාර් ආණ්ඩුවේ මාධ්‍ය අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ, මාධ්‍යවේදීන් තම වාර්තා ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර වාරණ මණ්ඩලය වෙත ඒවා ඉදිරිපත් කිරීමේ උවමනාවක් තවදුරටත් නැති බවයි.
එහෙත් බලධාරීන් මේ වසර මුලදී පොරොන්දු වූ මට්ටමින් නව මාධ්‍ය නීතියක් තවම බල පැවැත්වෙන්නේ නැහැ.
එම තත්වය යටතේ රාජ්‍යයට හානිකර යයි විග්‍රහ කෙරෙන වාර්තා පළකිරීම් සම්බන්ධයෙන් දඬුවම් කිරීමට පවතින වෙනත් රෙගුලාසි පාවිච්චි කිරීමට මියන්මාර් බලධාරීන්ට තවමත් අවස්ථාව ලැබී තිබේ.
කලින් පැවැති යුද හමුදා පාලනය යටතේ මාධ්‍ය වාර්තාවල පටන් ගීපදමාලාවලට පවා බලධාරීන්ගෙන් අවසර ලබා ගත යුතු විය.

BBC

ඉන්දුනීසියාවේ සුලවේසී දුපත භූමිකම්පාවකින් කැළැඹෙයි 3 ක් මරුට: 25 කට තුවාල


ඉන්දුනීසියාවට අයත් සුලවේසී දුපත ඊයේ (19) ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගිය අතර පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 කි.
භූමි කම්පාවේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.3 ක් ලෙස සටහන් වී ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
තුවාලකරුවන්ට සහ උන්හිටිතැන් අහිමි වූවන්ට කඩිනමින් ආධාර කිරීමට ඉන්දුනීසියානු රජය කටයුතු කළේය.
භූමි කම්පාව හටගෙන ඇත්තේ සුලවේසී දුපතේ මැද කඳුකර ප‍්‍රදේශයේය. පරිජි මොවුටොන් සහ සිගී යන පළාත්වල ගම්මාන කීපයක් භූමිකම්පාවෙන් මුළුමනින්ම විනාශ වූ බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

ඇමෙරිකාවේ රූකඩයක් වන ඊශ‍්‍රායලය නමැති ‘පිළිලය’ වහා ලොවෙන් අතු ගා දැමෙනු ඇත-මොහොමඞ් අහමදිනෙජාද්


ඇමෙරිකාවේ රූකඩයක් වන ඊශ‍්‍රායලය නමැති ‘පිළිලය’ වහා ලොවෙන් අතු ගා දැමෙනු ඇතැයි ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පවසයි.
ඉරාන ජනපතිවරයා මේ බව කියා සිටියේ යුදෙව් රාජ්‍යයක් වන ඊශ‍්‍රායලයට එරෙහි ඉරානයේ තෙහෙරාන් අගනුවර පෙරේදා (18)  පැවැති විරෝධතා රැලියක් අමතමින්ය.
ලොවට තර්ජනයක් වී ඇතැයි පැවැසෙන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඊශ‍්‍රායලය සූදානමින් සිටී. ඉරානයත් ඊශ‍්‍රායලයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.
ඊශ‍්‍රායලය චෝදනා කරන්නේ ඉරානය, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය.
ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන හුදෙක් රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට කි‍්‍රයාත්මක බවය.

පිලිපීන අභ්‍යන්තර කටයුතු ඇමැති ගුවන් අනතුරින් මියයයි


දුෂණ චෝදනාවලට ලක් ව සිටි පිලිපීන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙස් රොබ්රේඩෝ ගමන් කළ, ඔහුගේ පෞද්ගලික ගුවන් යානය පෙරේදා (18) අනතුරට පත්විය.
අනතුරින් රොබ්රේඩෝ සහ යානයේ සිටි නියමුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්වන්නට ඇතැයි පිලිපීන රජය පවසයි. යානය කඩා වැටුණේ මස්බාතේ නමැති දුපත අසලටය.

2012-08-19

පාකිස්ථානය , ඇමෙරිකාව සමග ඒකාබද්ධ යුද මෙහෙයුම් ප්‍රතික්ෂේප කරයි

ඇෆ්ඝන් දේශ සීමාවේ උතුරු වෂිරිස්තානයේ ගෝත්‍රික ජනාවාශයකට ඇමෙරිකාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් හය දෙනෙක් මරා දමනු ලැබිණ.
ෂාව්වාල් (Shawwal )නම් දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායම් රැඳී සිටිතැයි සැක කෙරෙන ස්ථානයකට නියමුවන් රහිත ඇමෙරිකානු යානයකින් මිෂයිල ප්‍රහාර දෙකක් එල්ල කොට ඇති බවයි නිලධාරීන් පවසන්නේ.
ඉහත කී ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ අර්ධ ස්වයංපාලන බලතල සහිත ගෝත්‍රික කලාපයේ ජනතාව මුස්ලිම් ඊඩ් උත්සව පවත්වමින් සිටියදී.
මේ අතර පාකිස්තාන් යුද හමුදාපති ජනරාල් අශාක් පර්වේෂ් කයානි( General Ashaque Pervez Kayani ) තාලිබාන් සහ අල්කයිඩා ජාලයට එරෙහි ඒකාබද්ධ යුද මෙහෙයුම් ආරම්භ කරනු ලැබීම ප්‍රතික්ෂේප කළා.
ජනරාල්වරයා කියා සිටින්නේ පිටස්තර බලවේගයන්හි බලපෑම යටතේ ක්‍රියා කිරීමට පාකිස්තානය සූදානම් නැති බවයි.

බැංගලෝර් නගරයෙන් සංක්‍රමනිකයෝ දහස් ගණනින් පලා යති

ඊශාන දිග ඉන්දියාවේ ප්‍රාන්තවලට අයත් ශිෂ්‍යයන් සහ කම්කරුවන් ආණ්ඩුවේ ඉල්ලීමත් නොතකා දකුණු ඉන්දියාවේ නගරවලින් දහස් ගණනින් පිටව යමින් සිටින බවයි වාර්තා වුනා.
ඇසෑම් ප්‍රාන්තය ද ඇතුළු ඊශාන දිග ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලට අයත් ජනතාව හතරවැනි දිනයටත් මෙසේ තම ගම්බිම් කරා යමින් සිටින්නේ තමන්ට එරෙහිව ප්‍රචණ්ඩ පහර දීම් සිදුවිය හැකි බව පැවසෙන කටකතා ජන මාධ්‍යයන්හි පළවීමත් සමගයි.
බැංගලෝර් නගරයෙන් සිය ගණනක් ජනයා රැගත් දුම්රිය දෙකක් ඇසෑම් ප්‍රාන්තයට ලඟා වූ බවක් ද වාර්තා විය.
මේ අතර ඉන්දීය ආණ්ඩුව කියා සිටින්නේ මහජන ආරක්ෂාවට අදාළ සියළු පියවර ගෙන ඇති බවයි.
ඊශාන දිග ඉන්දියානු ප්‍රාන්තවල ජනවාර්ගික ගැටුම් සහ ඉහත කී කටකතා අතර සම්බන්ධයක් ඇති බව පැවසෙනවා.

දකුණු අප්‍රිකාවේ වැඩ වැරූ කම්කරුවෝ වෙඩි තබා මරා දැමෙති

South Africa police shooting miners
වැඩ වර්ජනයක නිරතව සිටින ආකර කම්කරුවන් දහස් ගණනකට එරෙහිව බ්‍රහස්පතින්දා සිදුකළ වෙඩි තැබීමේදී තිස්තුන් දෙනකු මරා දැමූ බව, දකුණු අප්‍රිකාවේ පොලීසිය පවසයි.
එහි කලින් පැවැති වර්ණභේදවාදී පාලනය පෙරලා දමනු ලැබීමෙන් පසු වාර්තා වූ දරුණුතම සිද්ධීන් අතරින් එකක් හැටියටයි, ආකර කම්කරුවන්ට එරෙහි වෙඩිතැබීම සටහන් වන්නේ.
වැඩවරා සිටි කම්කරුවන් අතරින් දෙසිය පණහකට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස වෘත්තීය සමිති ඉල්ලීමක් කරති.
තම ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බව පවසන දකුණු අප්‍රිකාවේ පොලීසිය, ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කරන බව ද සඳහන් කරයි.
වර්ණභේදවාදී පාලනය නිමවීමෙන් පසු තවමත් රට තුළ මෙවැනි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් තිබීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව පුරා බලවත් වික්ෂිප්ත භාවයක් දක්නට ලැබෙන බවයි, එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.

Japan activists land on disputed islands amid China row

The Japanese activists raised their country's flag after they landed
At least 10 Japanese nationalist activists have landed on a group of disputed islands, amid an escalating territorial row with China.
The activists swam ashore after a flotilla carrying about 150 people reached Japan's controlled Senkaku islands, called Diaoyu in China.
Japan's coast guard is now questioning the activists, who had earlier been denied permission to visit the islands.
The move triggered protests in China and strong condemnation from Beijing.
More than 100 people gathered near the Japanese consulate in China's southern city of Guanghzou, demanding the Japanese to leave the islands, the state-run Xinhua news agency said.
Anti-Japanese rallies were also held in Shenzhen, Qingdao and Harbin, the agency reported.
The islands in the East China Sea lie on a vital shipping lane, and are surrounded by deposits of gas.
They are also claimed by Taiwan.

2012-08-18

නෝර්වේහිදී තරුණ තරුණියන් 77 ක්‌ ඝාතනය වීම ගැන පොලිස්‌පති සිය ධුරයෙන් ඉල්ලා අස්‌වේ-- අගමැතිටද ඉල්ලා අස්‌වන්නැයි බලපෑම්

තරුණ තරුණියන් 77 ක්‌ ඝාතනය වීමේ සිද්ධියේදී පොලිසිය ප්‍රමාදවී ක්‍රියාකර ඇතැයි සනාථවීම නිසා නෝර්වේ පොලිස්‌පති ඔයිස්‌ටින් ටේලන්ට්‌ සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී ඇත.

ඇන්ඩ්‍රස්‌ බ්‍රේවික්‌ විසින් මෙම සමූල ඝාතනය සිදුකිරීමට දින කීපයකට පෙර ඔහු පොලිස්‌පති ධුරයට පත්විය.

බ්‍රේවික්‌ මෙම ඝාතනය සිදුකරන අවස්‌ථාවේ උමෝයා දූපත වෙත යැම සඳහා පොලිස්‌ හෙලිකොප්ටරය පවා සූදානම් කර නොතිබූ බව විමර්ශනයේදී හෙළිවිය.

මේ සිද්ධිය ගැන පත් කළ විමර්ශන කොමිසම පැවැසුවේ පොලිසිය ප්‍රමාද වී ක්‍රියාකර ඇති බවයි.

මේ අතර නෝර්වේ අගමැති ජෙන් සමොල්මන්වර්න්ටද ඉල්ලා අස්‌වන්නැයි බලපෑම් එල්ල වී ඇත.

2012-08-16

සිරියා කැරලිකරුවන් රජයේ යුධ ගුවන්යානයක් බිම හෙලයි

Syrian rebels have produced footage of a man they claim is the captured pilot of a fighter jet that went down in the east of the country.
The rebel Free Syrian Army (FSA) say they shot a military aircraft down near the Iraqi border.
But state media say the plane crashed because of "technical problems" and a search is under way to find the pilot.

Syria is facing suspension from the Organisation of Islamic Co-operation because of its handling of the crisis.
On the eve of an emergency summit called by Saudi Arabia, foreign ministers meeting for preparatory talks in Jeddah backed a resolution despite objections from President Assad's ally, Iran.
Confirmation of Syria's suspension is expected later this week.
'Training mission' According to Syria's state-run news agency Sana, the plane that went down had suffered a fault with its "control mechanisms" during a routine training mission, forcing the pilot to abandon the aircraft.
The aircraft was shot down near the town of al-Muhassan, around 120km (75 miles) from the Iraqi border in Deir al-Zour province, the rebels say.