තම වෘත්තිකයන් දෙදෙනකු මියන්මාරයේ උසාවියක් විසින් සිරගත කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
රකින් පළාතේ බෞද්ධ -මුස්ලිම් ගැටුම් සමයෙහි ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගනු ලැබ සිටි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
සිරගත කරනු ලැබ සිටින දෙදෙනාගෙන් එක තැනැත්තෙක් අනාථයන් පිලිබඳ එක්සත්
ජාතීන්ගේ ආයතනයේත්, දෙවැන්නා ලෝක ආහාර ව්‍යාපෘතියේත් සේවය කළ බවයි එක්සත්
ජාතීන්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
මියන්මාර් අධිකරණය විසින් එක්සත් ජාතීන්ට සම්බන්ධ තවත් සංවිධානයක ක්‍රියාධරයකුත් වරදකරු හැටියට තීන්දු කරනු ලැබ තිබේ.
ඉහත කී පුද්ගලයන්ට එරෙහිව ඉදිරිපත් කෙරුන චෝදනා මොනවාද යන්න නිල මට්ටමින් විස්තරාත්මක මට්ටමින් ප්‍රකාශයට පත් කෙරී නැහැ.
චුදිතයන් සියලු දෙනාම මියන්මාර් ජාතිකයන්.
ඔවුන්ට එරෙහිව චෝදනා නගා තිබුනේ පසුගියදා බෞද්ධ -
මුස්ලිම් ගැටුම් සිදුවෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මහජනතාව කුපිත කිරීම
සම්බන්ධයෙන්.
By:BBC