ජන මාධ්‍ය සඳහා බල පැවැත්වුන නිල වාරණය ඉවත් කරන බව මියන්මාර් බලධාරීහු නිවේදනය කළහ.
පසුගිය වසරේ බලයට පැමිණි සිවිල් ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවනු ලබන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ අළුත්ම පියවර එයයි.එහෙත් බලධාරීන් මේ වසර මුලදී පොරොන්දු වූ මට්ටමින් නව මාධ්‍ය නීතියක් තවම බල පැවැත්වෙන්නේ නැහැ.
එම තත්වය යටතේ රාජ්‍යයට හානිකර යයි විග්‍රහ කෙරෙන වාර්තා පළකිරීම් සම්බන්ධයෙන් දඬුවම් කිරීමට පවතින වෙනත් රෙගුලාසි පාවිච්චි කිරීමට මියන්මාර් බලධාරීන්ට තවමත් අවස්ථාව ලැබී තිබේ.
කලින් පැවැති යුද හමුදා පාලනය යටතේ මාධ්‍ය වාර්තාවල පටන් ගීපදමාලාවලට පවා බලධාරීන්ගෙන් අවසර ලබා ගත යුතු විය.
BBC
No comments:
Post a Comment