ඉතියෝපියා අගමැති මෙලෙස් සෙනාවි, විදේශයක රෝහල් ගතව සිටියදී මියගොස් ඇති බව එරට රජය
ප්‍රකාශයට පත් කර ඇත. කලාපීය බලවතකු වූ ඔහු දශක දෙකකට වැඩි කාලයක් පාලනයේ නිරතව සිටියේය.
57 හැවිරිදි ඔහු පෙරේදා සවස මියගිය බව ප්‍රකාශ වී ඇතත් වැඩි විස්තර සඳහන් කිරීමක් සිදුව නැත. ඔහු දෙමසක කාලයක පටන් ප්‍රසිද්ධියේ දක්නට නොලැබි ඇති අතර බ්‍රසල්ස් හි රෝහලක රෝගීතත්ත්වයෙන් පසුවූ බව වාර්තා වී ඇත.
ඔහු සුවය ලබමින් සිටි බවත් එහෙත් හදිසියේම රෝගී තත්ත්වයේ ඇතිවු වෙනසකින් දැඩිසත්කාර ඒකකයට ඇතුල්කිරීමට සිදුව ඇති අතර එහිදී ඔහුගේ ජීවිතය රැකදීමට හැකිව නැති බවත් වැඩිදුරටත් සඳහන්ව තිබේ.

No comments:
Post a Comment