දකුණු ඉන්දියාවේ බැංගලෝරයේ සිට ඇසෑම් දක්වා ධාවනය වූ
විශේෂ දුම්රියකදී ඝාතනය කර දුම්රියෙන් එලියට වීසිකර තිබු සිවු දෙනකුගේ
අවමංගල උත්සව අඟහරුවාදා පැවැත්විණ.
මෙසේ ඝාතනය වී ඇති සියලු දෙනාම මුස්ලිම් ජාතිකයන්
වන අතර ඔවුන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝර්
නගරයෙන් පලා යමින් සිටි බවයි වාර්තා වන්නේ.තවත් මුස්ලිම් ජාතිකයන් දහ දෙනෙක් දුම්රියෙන් පිටතට වීසි කර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
පොලිසිය සහ ඉන්දීය බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවක් ප්‍රකාශ කොට සිදුකර නැහැ.
වෙබ් අඩවි තහනම්
ඊසාන දිග ඉන්දියාවෙන් පැමිණි දහස් ගණන් ඉන්දියානුවෝ බැංගලෝර් නගරය අතහැර විශේෂ දුම්රිය මගින් පලා යමින් සිටින අතර එම දුම්රිය තුල සිදුවූ ඝාතන වලට හේතුව කුමක්දැයි තහවුරු කිරීමටද දුම්රිය දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය සමත් වී නැහැ.මේ අතර ආගම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කරන බවට චෝදනා කරමින් වෙබ් අඩවි දෙසිය පනහක් තහනම් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.
එරට මේ පියවර ගත්තේ, ඊසානදිග ප්‍රාන්තයක් වන ඇසාමයේ මුස්ලිම් ජනතාවට නොසලකා හරින බවට එල්ල කරන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.
මෙවැනි චෝදනා පළකිරීම සම්බන්ධයෙන් තමන් ෆේස් බුක්, ට්විටර් සහ ගූගල් වැනි වෙබ් අඩවි සමග සාකච්ඡා කළ බව ද ඉන්දීය ආණ්ඩුව ප්‍රකාශ කළේය.
පසුගිය සතියේදී තිස් දහසකට අධික ඊසාන දිග සංක්‍රමණිකයෝ සංඛ්‍යාවක් තමන්ට හිරිහැර වේයැයි බියෙන් දකුණු ඉන්දියාවේ නගර අතහැර ගම රටවල් බලා පලා ගියහ.
ඔවුන් ජංගම දුරකථනසහ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය වූ දුෂමාන ආරංචි වලට රැවටී බියවී ඇති බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.
මෙම පණිවිඩ සහ ඒවා විසුරුවා හරින වෙබ් අඩවි බොහොමයක් පකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බවට ඉන්දීය බලධාරීහු සැක කරති.
No comments:
Post a Comment