ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ජනතාව කුපිත කර වූ බව හිටපු කාන්තා සංවර්ධනය පිලිබඳ නියෝජ්‍ය ඇමතිනි මායා කෝඩ්නානිට එල්ල කෙරුණ චෝදනාවයි.
හිටපු ඇමැතිනියට අමතරව සටන්කාමි හින්දු නායකයෙක් වන බාබු බජ්රන්ගි ඇතුළු තවත් තිස් දෙනෙකුද සමුහ මිනිස් ඝාතන සඳහා සහාය දීමේ චෝදනාවට වරදකරුවන් බවයි අධිකරණය තීන්දු කලේ.ගුජරාටයේ ආගම්වාදී ගැටුම් හටගත්තේ දුම්රියක හටගත් ගින්නකින් හින්දු වන්දනාකරුවන් හැට දෙනෙක් ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුවයි.
ප්‍රාන්තය පුරා පැතිර ගිය ගැටුම් වලින් දහසකට වැඩි පිරිසක් මරා දැමුනු අතර ඔවුන්ගෙන් වැඩි දෙනා මුස්ලිම් ජාතිකයන්.
By:BBC
No comments:
Post a Comment