වෙලින්ටන් හි ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්‍යායතනයේ
ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනකු පුහුණුව ලබමින් සිටින බව අනාවරණය
වීමෙන් අනතුරුව තමිල්නාඩුව පුරා යලිත් වරක් උද්ඝෝෂණ හටගෙන තිබේ.ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් මහ ඇමතිනී ජයලලිතා විසින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං වෙත යලිත් වරක් ප්‍රසිද්ධ ලිපියක් යැවීමෙන් අනතුරුවයි, ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ඩීඑම් වෙන්ග්‍රා සහ නාවික හමුදාවේ කපිතාන් හේවාවසම් කඳාඋඩගේ එහි මාස එකොළහක පුහුණුවක් ලබමින් සිටින බව හෙළිදරවු වූයේ.

