මීට අවුරුදු නමයකට පෙර ගාසා තීරයේදී බුල්ඩෝසරයකට යට වී
මියගිය ඇමරිකානු ක්‍රියාධාරිනියක ගේ මරණය අවාසනාවන්ත වැරදීමක් යැයි
ඊශ්‍රායල අධිකරණය විසින් තීන්දු කොට තිබේ.බුල්ඩෝසරයේ රියැදුරා රැචල් කොරී දකින්නට ඉඩක් නොතිබූ බවත් කොන්ක්‍රීට් පුවරුවක් ඇඟ මත වැටීමෙන් ඇය මිය යන්නට ඇති බවත් ඊශ්‍රායල අධිකරණය තීන්දු කළේය.
තීන්දුව සම්බන්දයෙන් රැචල් කොරීගේ මව කියා සිටියේ මෙය ඊශ්‍රායල අධිකරණයට ඉතා කනගාටු දායක දිනයක් වන බවයි.
මීට පෙර අධිකරණය විසින් දුන් තීන්දුවක් තහවුරු වීම ගැන තමන් සතුටට පත් වන බව ඊශ්‍රායල ආණ්ඩුව ප්‍රකාශ කරයි.
By:BBC
No comments:
Post a Comment